ජපානයෙන් දුන් පොහොර සහනාධාරයේ පළමු තොගය උතුරට

ජපන් රජයේ මූල්‍යාධාර මත උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05ට සහ කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වල ගොවි පවුල් 228,611ක් සඳහා නොමිලේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් 8360ක් බෙදාදීමේ වැඩසටහනක් අද (10) චාවකච්චේරි ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිෂුකෝෂි හිඩ්කි සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි සමාරම්භක උත්සවය පැවත් වුණේ.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් මෙම වැඩසටහන මෙහෙයවන අතර එළඹෙන මාස් කන්නයේ ප්‍රයෝජනය සඳහා ජපන් රජයේ ආධාරයක් ලෙස මෙම යූරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන 150ක් මගින් අද සිට නිකුත් කෙරෙනවා.

උතුරු පළාතේ වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්වලත් ත්‍රිකුණාමලය,මඩකලපුව, සහ කුරුණෑගල යන දිස්ත්‍රික්වලත් ජීවත්වන ගොවි පවුල් සඳහා මෙමගින් සෙත සැලසෙනවා.

ව්‍යාපෘතියට ජපන් රජයේ අයෝජනය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.6ක්.

ශ්‍රී ලංකාව සහ මාලදියිනේ ඒක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම වැඩසටහනේ නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59