ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ. 

එහි අගය රික්ටර් මාපකයේ 7.3ක අගයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒත් සමඟ ෆුකුෂිමා සහ මියාගි වෙරළ ආශ්‍රිතව මේ වනවිට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවය.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ටෝකියෝ නගරයේ මේ වනවිට විදුලි විසන්ධි වී ඇති බවය.