ජපානයට ගිහින් එක රැයින් කෝටි 16ක් හොයාගෙන ලංකාවට එන කොල්ලෝ දෙන්නා

ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු පිටුවහල් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට තීරණය කළ ජපානයේ තෝකියෝ මහාධිකරණය එම දෙදෙනාට පවුම් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

මෙම තීන්දුව ලබාදී ඇත්තේ පෙරේදා (22 වැනිදා)ය. එරටින් පිටුවහල් කිරීමට එරෙහිව මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පවුම් මිලියන 10 ක වන්දි මුදලක් ඉල්ලා ජපන් රජයට එරෙහිව නඩු පවරා තිබිණි.

සරණාගතභාවය අහිමි වීමෙන් පසු නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබානොදී තමන් පිටුවහල් කළ බව කියමින් මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා නඩුව ගොනු කර ඇත.

මෙහිදී විනිසුරු යුතක හිරාටා පවසා ඇත්තේ ආගමන විගමන බලධාරීන් ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තිය යටතේ සහතික කර ඇති පරිදි නඩු විභාග කිරීමේ අයිතිය උල්ලංඝනය කළ බවයි.

ඔවුන් එම කාරණය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය රාජ්‍ය ‘හන් නීතියට’ පටහැනි බවද විනිසුරුවරයා පවසා තිබේ.

විදේශීය ජාතිකයෙකු පිටුවහල් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට ජපාන අධිකරණයක් තීන්දුවක් ලබා දුන් පළමු අවස්ථාව මෙය බව ජපාන ජනමාධ්‍ය වාර්තා කරයි.

නයන තරංග ගමගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31