ජපන් යවනවා කියලා මුදල් වංචා කළ පුද්ගලයාට ලක්ෂ 05ක ශරීර ඇප

ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන පවසා පුද්ගලයන් තිස් දෙදෙනෙකුගෙන් රුපියල් කෝටි එකහමාරකට වඩා ලබාගත් සැකකරුවකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් ගම්පොළ වැඩ බලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය විසින් නියම කළා.

මෙලෙස ඇප නියම කරනු ලැබුවේ දර්ශන පුෂ්ප කුමාර නම් ගම්පොල උලපෙනේ,උඩගම,හදබිම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හටයි.

අදාළ පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් විසින් රට පුරා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන ඇති අතර ගම්පොළ ප්‍රදේශයේ කාන්තාවක් ඇතුළු පස්දෙනෙකුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ විසි එකකට අධික මුදලක් සඳහා ලැබී ඇති පැමිණිලි අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇත්ගාල පොලිසිය මගින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ගම්පොළ පොලිසිය වෙත භාර දීමටයි කටයුතු කළේ.

38 හැවිරිදි දෙදරු පියකු වන අදාළ පුද්ගලයා කාන්තාවන් කිහිප දෙනෙකු ද ඇසුරු කරමින් මෙම වංචාවන් සිදු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

අදාළ වරද සම්බන්ධයෙන් ඔහුව මීට පෙර දඹුල්ල පොලිසිය මගින්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයා නැවත මාර්තු මස 21 දින ගම්පොල අධිකරණය වෙත කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37