spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපන් යවනවා කියලා මුදල් වංචා කළ පුද්ගලයාට ලක්ෂ 05ක ශරීර ඇප

ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන පවසා පුද්ගලයන් තිස් දෙදෙනෙකුගෙන් රුපියල් කෝටි එකහමාරකට වඩා ලබාගත් සැකකරුවකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් ගම්පොළ වැඩ බලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය විසින් නියම කළා.

මෙලෙස ඇප නියම කරනු ලැබුවේ දර්ශන පුෂ්ප කුමාර නම් ගම්පොල උලපෙනේ,උඩගම,හදබිම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හටයි.

අදාළ පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් විසින් රට පුරා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන ඇති අතර ගම්පොළ ප්‍රදේශයේ කාන්තාවක් ඇතුළු පස්දෙනෙකුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ විසි එකකට අධික මුදලක් සඳහා ලැබී ඇති පැමිණිලි අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇත්ගාල පොලිසිය මගින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ගම්පොළ පොලිසිය වෙත භාර දීමටයි කටයුතු කළේ.

38 හැවිරිදි දෙදරු පියකු වන අදාළ පුද්ගලයා කාන්තාවන් කිහිප දෙනෙකු ද ඇසුරු කරමින් මෙම වංචාවන් සිදු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

අදාළ වරද සම්බන්ධයෙන් ඔහුව මීට පෙර දඹුල්ල පොලිසිය මගින්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයා නැවත මාර්තු මස 21 දින ගම්පොල අධිකරණය වෙත කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?