spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපන් තානාපති පොළොන්නරුවේ සංචාරයක (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසොකොශි හිඩෙයාකි අද පොළොන්නරුවේ සංචාරයක නිරත වුණා.

එහිදී ඓතිහාසික සොලොස්මස්ථානය වැඳපුදා ගැනීමට ද තානාපතිවරයා කටයුතු කරන කළ අතර, වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ආරාධනයකට අනුවයි තානාපතිවරයා මෙම සංචාරය සඳහා එක් වුණේ.

පොළොන්නරු ඉතිහාසය පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් අදහස් දැක්වූ තානාපතිවරයා එහි ගෘහනිර්මාණ අගය කළ අතර, මෙතෙක් ජපන් සංචාරකයින් සංචාරය කිරීමට නිතර තෝරාගනු ලබන ස්ථානයන් වන මහනුවර, දකුණු පළාත, සීගිරිය මෙන්ම ඓතිහාසික පොළොන්නරු පුරවරයට වැඩි අවස්ථාවක් උදාකරදීමට ඉදිරියේ දී නව වැඩසටහන් දියත් කරන බව ද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?