spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපන් අගමැතිගෙන්, ජනපති රනිල් වික්‍රමසිංහට ලැබුණු අපූරු සුබ පැතුම

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය හෘදයාංගම සුබ පැතුම් එක් කර තිබෙනවා.

විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ ජපාන ජනතාවගේත් රජයේත් සුභාශිංසන පිරිනමන බවයි.

තවද ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවී සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම සතුටට හේතු වූ බවත් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රජය දැනට මුහුණ පා සිටින අර්බුද ඉතා ඉක්මණින් අවසන් වනු ඇතැයි විශ්වාසය පළ කරන ජපාන අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු සාගරයේ සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව විශාල දියුණුවක් ඇති රාජ්‍යයක් බවට පත් කළ හැකි බවද සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?