ජනාධිපති හදිසියේ ගත් තීරණය

ජනාධිපති ​ගෝඨාභය රාජපක්ෂ විසින් විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැති ධුරයෙන් ඉවත් කර නැවත එම ඇමැති ධුරයටම පත් කරනු ලැබීය.

මෙසේ මහාචාර්ය පීරිස්ව ඇමැති ධුරයෙන් ඉවත් කර නැවත එම ධුරයට පත් කර ඇත්තේ විදේශ අමාත්‍යාංශයේ ‘නම’ වෙනස් කිරීම හේතුවෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය මාර්තු 18 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම සංශෝධනය සිදු කර ඇත.

මෙරට විදේශ සබඳතා පිළිබඳව කටයුතු කරන අමාත්‍යාංශය මෙතෙක් කලක් ‘විදේශ අමාත්‍යාංශය’ ලෙසින් හැඳින්වුණු නමුත් දැන් එය ‘විදේශ කටයුතු අමාත්‍යාංශය’ ලෙස අලුතින් නම් කර තිබේ.

ඒ අනුව මෙතෙක් ‘විදේශ ඇමැති ධුරයේ’ කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස්ව මින් ඉදිරියට හඳුන්වනු ලබන්නේ ‘විදේශ කටයුතු ඇමතිවරයා’ වශයෙනි.

22 6239470aeb96b
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !