Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජීප් රියක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි (වීඩියෝ)

ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරී සඳහා අනුයුක්ත කර තිබූ ගුවන් හමුදා ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළකු හා තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ඊයේ (17) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ; ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්ත ව කටයුතු කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙක් හා කැළණිය ප්‍රදේශයේ 60 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය නිධානයක් කැඩීම සඳහා යොදාගැනීමට ගෙනා බවට මේ වන විට අනාවරණය වී ඇතැයි ද වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.