ජනාධිපති ලේකම්ගේ මෝටර් රථය යතුරුපැදියක ගැටී හතරක් රෝහලේ

ජනාධිපති ලේකම්වරයාට අයත් මෝටර් රථය තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ එකම පවුලේ සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, ඔවුන් මව, පියා සහ දරු දෙදෙනා බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔවුන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ (02) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරා ජනාධිපති ලේකම්වරයාට අයත් මෝටර් රථය පැලවත්ත, අකුරේගොඩ මාර්ගයේ පදවාගෙන යමින් සිටිය දී ත්‍රිවිද හමුදා මූලස්ථානය ඉදිරිපිට දී යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් පසුව මෝටර් රථය පැදවූ රියදුරු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති අතර, අනතුරට ලක්වූ රථය පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී ජනාධිපති ලේකම්වරයා මෝටර් රථයේ සිට නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12