ජනාධිපති මාස ගණනකින් ඇවිත් නෑ.” ඥාණා අක්කා කියයි.

ශ්‍රී ලංකාවේ පෙරළිකාර චරිතයක්ව සිටි ඥාණා මැණියෝ හෙවත් ඥාණා අක්කා, නැතිනම්, ඥාණවතී ජයසූරිය නමැති තැනැත්තිය සමග සිදුකර තිබෙන සම්මුඛ සාකච්චාවක් ඇසුරෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත අද දිනයේ දී පුවත් විශේෂාංගයක් වාර්තා කර තිබේ.

මෙම ලිපිය, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙන විශේෂාංග ලිපියේ අසංශිප්ත පරිවර්තනයක් නොවන අතර එම ලිපියේ සදහන්ව තිබෙන ඇතැම් කරුණු පමණක් උපුටා දැක්වීමක් බව ප්‍රථමයෙන් සඳහන් කළයුතුය.

සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග සාකච්චාවට එක් වෙමින් ඥාණා මෑණියන් පවසා තිබෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂවරුන් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්වලට පොළඹවා ගනිමින්, රට මේ පත්ව තිබෙන තත්ත්වයට පිරිහෙලීම සදහා තමන් දායක වූ බවට වන චෝදනාව තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි.

ඇය පවසා සිටින්නේ තමන් බුදුන් සරණ ගිය කාන්තාවක් බවයි. ඒ අතරම ඇය වැඩිදුරටත් කියා සිටිනේ තමන් දේශපාලන සම්බන්දතා හෝ හමුදා සම්බන්ධතා උපයෝගී කර ගනිමින් අයුතු ලාභ ප‍්‍රයෝජන ලබා ඇති බවට වන චෝදනාවන්ද මුසාවක් බවයි.

ඇය පවසා සිටින්නේ ඇය උපයාගෙන ඇති ධනය, ඇගේම දහඩිය මහන්සියෙන් උපයාගත් බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ ගෝඨාභය ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිද, වසර දොළහක , දහතුනක කාලයක සිට තමන් හමුවට එන බවයි. එසේම හිටපු ජනාධිපතිවරයකු මෙන්ම හිටපු අගමැතිවරයාද වන මහින්ද රාජපක්ෂ මහතාද දෙවතාවකදී ඈ හමුවීමට පැමිණ තිබෙන බව ඇය කියා සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම සතියකම තමන් හමු වීමට එන බවට වන කථාව මුසාවක් බව ඥාණා මෑණියන් පවසනවා.කෙසේ නමුත් කාර්‍යබහුල ජීවිතයේ ඉඩ ලද සෑම අවස්ථාවකද ජනාධිපතිවරයා තමා හමුවීමට පැමිණ තිබෙන බවත් ඇය මෙහිදී පවසා සිටියා.ඒ අතරම තවත් පිළිතුර දිගු කරමින් ඇය කියා සිටින්නේ ගතවූ මාස කිහිපය තුළ ජනාධිපතිවරයා ඇය බැහැ දැකීමට නොපැමිණි බවයි.

ඒ අතරම බොහෝ ජනතාවක් විසින් කතාබහ කල කරුණක් වූයේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් ඥාණා මෑණියන්ගේ පුදබිම අමදිමින් ආවතේව කරන්නේද යන්නත්, ඥාණා මෑණියන් විසින් හිමිදිරි පාන්දර ජනාධිපතිවරයා ස්නානය කරවන්නේ ද යන ප‍්‍රශ්නවලට ඇය විසින් මෙහිදි පිළිතුරු දී තිබුනා.
එම ගැටළුවලට පිළිතුරු වශයෙන් ඇය කියා තිබුනේ ඇය කිසි දිනක ජනාධිපතිවරයා නහවා නොමැති බවත් එම කටයුතු කිරිමට තමාගේ පුදබිමේ ස්ථානයක්ද නොමැති බවත්ය.එමෙන්ම ඇතැම් ප‍්‍රභූවරු, ඔවුන්ට අවශ්‍ය කටයුතු කර ගැනීම සදහා ගුවනින් ඈ රැගෙන යන්නේදැයි විමසූ විට ඇය විසින් එයද ප‍්‍රතික්ෂේප කර තිබුණා.

පසුගිය දිනෙක බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ ගාළුමුවදොර පිටියේ විරෝධතා කරුවන්ගේ රාජ්‍ය විරෝධී අදහස් මකා දැමීම සදහා මතුරන ලද ජලය ඔවුන්ට බීමට සලස්වා ඇද්දැයි ඇසූ විට, එයද ඇය ප‍්‍රතික්ෂේප කළා.

සේවයේ නියුතු සහ විශ‍්‍රාමික ඉහළ හමුදා නිළධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරු තමන් බැහැ දැකීමට එන බව පවසන ඈ, ඔවුන්ගෙන් කිසිදු ලාභ ප‍්‍රයෝජනයක් ලබා ගෙන නැති බවත්, ඔවුන් සමග වෙනත් සම්බන්ධයක් නැති බවත් මෙහිදී අවධාරණයෙන් කියා සිටියා. එසේම ඇය කියා සිටියේ ඔවුන් තමන් වෙත පැමිණීම වැළැක්වීමේ හැකියාවක් තමන්ට නැති බවයි.

අවසාන වශයෙන් ඇය කියා සිටියේ දේශපාලන බලාධිකාරයෙන් තමන් අයුතු වාසි ප‍්‍රයෝජන ලබා ඇද්දැයි සිදු කරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56