ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධ මාර්ගෝපදේශවල වෙනසක්

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ වගන්තියක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ, අනුව අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු වශයෙන් කටයුතු කර නොමැති නම් ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත් නොකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීමට අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු ලෙස කටයුතු කළ යුතු වගන්තිය මීට පෙර ඇතුළත් කර තිබු නමුත් විශේෂිත අවස්ථාවන්හි දී සෙසු සියළුම නිර්ණායක සපුරා ඇති, වසර 15ක සේවා කාලයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන් ද ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට අවස්ථාව ලබා දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24