ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බිම්ස්ටෙක් සමුළුව අමතයි

කොරෝනා වසංගතය ඇතුළු ගෝලීය අර්බුද හමුවේ දියුණු වෙමින් පවතින රටවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු අංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහාවන එකමුතුව හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ පස්වන රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා ඇතුළු බිම්ස්ටෙක් රටවල රාජ්‍ය නායකයින් අද (30) සමුළුව ඇමතුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

“බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාලබොක්ක ආශ්‍රිත රටවල සමුළුව” හෙවත් පස්වන බිම්ස්ටෙක් සමුළුව පසුගිය 28 වනදා ආරම්භ වුණා.

මෙවර සමුළුව පැවැත්වුණේ කොළඹ BMICH පරිශ්‍රයේදීයි.

එහිදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් …

” කොවිඩ් 19 වසංගතය ලොව සියලු ජාතීන්ට දැඩි බලපෑමක් එල්ල කළා. කොවිඩ් වසංගතය ඇතුළු ගෝලීය අර්බුදය හමුවේ අද දියුණු වෙමින් පවතින රටවල් දුගී භාවයට ඇද දමා තිබෙනවා.

මෙරට ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ට වසංගතය හමුවේ දැඩි බලපෑමක් එල්ල වුණා.

ඒ වගේම බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් කලාපිය ත්‍රස්තවාදය, අන්තවාදය, සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ආරක්ෂා කර ගත යුතුයි.

ඒ සඳහා දිගු කාලීන ක්‍රියාමාර්ග ගත යුතුයි.

ඒ වගේම කලාපය ආපදා තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහාද දිගු කාලීන සැලසුම් අවශ්‍යයි .

මේ කලාපයට ලොව ආර්ථික වර්ධනයේ යාන්ත්‍රණය හිමියි. ඒ නිසා නිසි සංවර්ධනයක් කරා රැගෙන යාම අප සියලු දෙනාගේම අපේක්ෂාව වියයුතුයි.

ඒ වගේම එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තීන්ට අනුකූලව රටේ ජාතික ප්‍රතිපත්තීන් ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා.

2030 වසර වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයන් 70% ක් සපුරාලීම අපේ අපේක්ෂාවයි.

මේ මොහොතේ රට අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා. ඒවා ගොඩනැගීමට සාමූහිකව ක්‍රියා කරනවා “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14