ජනාධිපති කාර්ය සාධන බලකායෙන් විශේෂ නිවේදනයක්

අඩු ආදායම්ලාභී අය වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට රුපියල් 2,000 දීමනාව ලබා දෙමින් ඇති බවයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළේ .

එය අවසන් කළ ප්‍රදේශවල ජිවත්වන, ආදායම් අහිමි වූ නමුත් මෙතෙක් එම දීමනාව නොලැබී ඇති අය වෙතොත් ඒ පිළිබඳ අභියාචනා ප්‍රාදේශිය ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ හැකියි.

සෙසු ප්‍රදේශවල රුපියල් 2,000 දීමනාව ලබා දීම කඩිනමින් ක්‍රියාවට නැවීමට පියවර ගෙන ඇති බව ද, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළා.

මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 345847ට සිය ජීවනෝපාය අහිමි වී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ජීවනෝපාය අහිමි වූවන් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට රජය සැලසුම් කර ඇති අතර ඒ සදහා රුපියල් 691,694,000ක මුදලක් වැයවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 33135ක්
කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 32411ක්
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්22011ක්
මීරිගම ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ පවුල් 13989ක්
මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය පවුල 13989ක්
වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 36045ක්
ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 26109ක්
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30128ක්
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 15960ක්
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 20988ක්
මහර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 22521ක්
කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 27353ක්
බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30939ක

ජීවනෝපාය අහිමි වී ඇත.

මෙම දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 480ක මුදලක් ගම්පහ දිස්ත්‍රික්කයට මේ වන විට ලබා දී ඇති අතර ජීවනෝපාය අහිමි වූ සියල්ලන්ටම මෙම දීමනාව ලබාදීම සඳහා තවත් රුපියල් 211,694,000 අවශ්‍ය වෙයි.

හිඟ මුදල ද කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැම් පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ හැකි ඉක්මනින් දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ සියලු දෙනාටම ඔවුන්ට හිමි දීමනාව ගෙවීමට කටයුතු කරන බවයි.

රට කෙතරම් ආර්ථික අපහසුතාවයක තිබුණද වගකිවයුතු රජයක් ලෙස ජනතා අවශ්‍යතාවලට පිළියම් ලබා දීමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56