ජනාධිපති අරමුදලේ සල්ලි ඇද්ද දේශපාලනඥයින් ගැන විමර්ශන අරඹා ඇති බව CIDය උසාවියට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, ජනතා අරමුදලින් අනුමත කරන ලද මුදල් උපරිම ප්‍රමාණයට වඩා ජනාධිපති අරමුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ කොට්ඨාශය විසින් අද (06) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය හමුවේ වාර්තාවක් ගොනු කරමින් පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය මහේස්ත්‍රාත්වරිය හමුවේ දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සහාය සඳහා අවශ්‍ය වුවහොත් නියෝග අයැදින ලෙසත් නියෝග කළා.

පසුගිය රජයන් සමයේ ජනාධිපති අරමුදලේ මුදල් ඇතැම් දේශපාලනඥන් සෞඛ්‍ය පහසුකම් මෙන්ම තවත් විවිධ අවශ්‍යතා වෙනුවෙන් ලබාගෙන ඇති ආකාරය පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී පසුගියදා හෙළිකළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21