ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳ සබරගමුව පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව සබරගමුව පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ජනාධිපති අරමුදලේ සියලු කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේදය (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා.

සබරගමුව පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි.

ජනාධිපති අරමුදලේ කාර්යභාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ විසින් මෙහිදී පැමිණ සිටි පිරිස දැනුවත් කිරීම සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38