ජනාධිපතිවරයා ජනතාව අතරට යන්න බයෙන් ඉන්නේ – සජිත් කියයි

අද වන විට රටේ ඇත්තේ ජනතාව අතරට යන්නට බය වෙලා සිටින ජනාධිපතිවරයෙක් සහ බියගුලු, නිවට ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට මැළිකමක් දැක්වීම තුළින් එම බියගුලුභාවය සහ නිවටභාවය ඉස්මතු වන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මේ බව කියා සිටියේ ‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු’ යන තේමා පෙරටු කර ගනිමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවක් අමතමින්.

රටේ ජනතාව තමන්ගේ හඩ තුළින්, රට අවධි කරන්න සූදානම් බවත් මේ අවස්ථාවේ ඒ සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ පළාත් සභා ඡන්දය බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ජනතාවගේ ජනදුක, පීඩනයට, අසහනයට දුකට වේදනාවට කණගාටුවට පිළිතුරු දෙන්න ජනතාව සූදානමින් සිටින බවත් වත්මන් ජනාධිපතිවරයාට සහ රජයට ජනතාවට කුමක් වුවත් ඔවුන්ගේ හිතුමතේට දේවල් කරන නිසා ජනතාව මොවුන්ට පාඩමක් උගන්වන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එබැවින් රටේ ජනතාව දැන්වත් පාඩමක් ඉගෙන ගෙන ඉදිරියට එන ආණ්ඩුවලට රැල්ලට ගොස් ඡන්දය ලබා දෙනවා වෙනුවට යම්කිසි පාර්ශ්වයක් ජයග්‍රහණය කරන්න අවශ්‍ය නම් සාධාරණ බහුතරයක් ඇති අයට වරමක් ලබා දිය යුතු බවත් එසේ නොමැති වූ විට සිදුවන්නේ අසීමිත බලයක් තුළ බල උන්මාදයෙන් පිස්සු වැටී රට අවුල් කරන, තමන් ගැන පමණක් සිතා තීන්දු ගන්නා වැරදි රටාවක් නිර්මාණය වීම නිසා, ඊළග මැතිවරණයේ දී හෝ මේ වැරදි ක්‍රමවේදයට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53