spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණය 2024 වසරේදී

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන් අනතුරුව මහ මැතිවරණයක් පැවැත්වෙන බවයි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමින් කියාසිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වූයේ අද පස්වරුවේ යි.

එය නම් කර ඇත්තේ “Smart Country – ජය ගමු 2048” ලෙසටයි.

නව ලොවට මුහුණ දෙමින් අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩනැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

විශේෂ පක්ෂ සම්මේලනයට සහභාගී වීම සඳහා අද පෙරවරුවේ සිටම විවිධ ප්‍රදේශවලින් එක්සත් ජාතික පාක්ෂිකයන් කොළඹට පැමිණෙමින් සිටියා.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරු ප්‍රමුඛ එජාප නායකයන් ද මෙම සම්මේලනයට සහභාගි වී සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය නව ලොවට ගැලපෙන අයුරින් ප්‍රතිසංවිධානය කිරීම මෙම විශේෂ මහා සම්මේලනයේ ප්‍රධාන අරමුණ බවයි එහිදී නිවේදනය කෙරුණේ.

එක්සත් ජාතික පක්ෂයේ අද පැවති සම්මේලනයේදී පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනයට යෝජනා කිහිපයක් ද ඉදිරිපත් වුණා. එය ඒකමතිකව සම්මත වූ බවයි ජනාධිපතිවරයා නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?