ජනාධිපතිවරණය 2024 වසරේදී

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන් අනතුරුව මහ මැතිවරණයක් පැවැත්වෙන බවයි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමින් කියාසිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වූයේ අද පස්වරුවේ යි.

එය නම් කර ඇත්තේ “Smart Country – ජය ගමු 2048” ලෙසටයි.

නව ලොවට මුහුණ දෙමින් අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩනැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

විශේෂ පක්ෂ සම්මේලනයට සහභාගී වීම සඳහා අද පෙරවරුවේ සිටම විවිධ ප්‍රදේශවලින් එක්සත් ජාතික පාක්ෂිකයන් කොළඹට පැමිණෙමින් සිටියා.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරු ප්‍රමුඛ එජාප නායකයන් ද මෙම සම්මේලනයට සහභාගි වී සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය නව ලොවට ගැලපෙන අයුරින් ප්‍රතිසංවිධානය කිරීම මෙම විශේෂ මහා සම්මේලනයේ ප්‍රධාන අරමුණ බවයි එහිදී නිවේදනය කෙරුණේ.

එක්සත් ජාතික පක්ෂයේ අද පැවති සම්මේලනයේදී පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනයට යෝජනා කිහිපයක් ද ඉදිරිපත් වුණා. එය ඒකමතිකව සම්මත වූ බවයි ජනාධිපතිවරයා නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24