ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පවති වැඩමුළුවට එක්වෙමිනි.

විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බවත්, ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට හැකි වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍ය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා අවධාරණය කළේ මේ වනවිටත් ජනාධිපති ධූරයේ විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබාදී ඇති බව සඳහන් කළ අතර ඉදිරියේ දී ගෙන එන නව පනත් කෙටුම්පත් මගින් ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යන බවයි.

ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එංගලන්ත පාර්ලිමේන්තුව තුළ යම් නීතියක් සම්මත වූ පසු ඒ පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකියි. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයේ පදනම එයයි. උත්තරීතර වන්නේ පාර්ලිමේන්තුවයි. ඇමරිකානු ක්‍රමවේදය මීට වෙනස්. ඇමරිකානු ක්‍රමවේදය මගින්, ඔවුන් යම් නීතියක් කෙටුම්පත් කරන විට, විධායක බලතල ජනාධිපතිටත්, ව්‍යවස්ථාදායක බලතල කොන්ග්‍රසයටත් සහ අධිකරණ බලතල අධිකරණයටත් ලබා දුන්නා.

අපේ රට ෆෙඩරල් ක්‍රමයක් අනුගමනය නොකරන නිසා අප පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි ක්‍රමයයි.ෆෙඩරල් ක්‍රමයට යාමට ඉන්දියාවට සිදු වූයේ ඔවුන් ෆෙඩරල් රටක් වූ නිසායි. නමුත් අපි ෆෙඩරල් රටක් නොවේ. අපේ රටේ නීති සම්පාදනය පිළිබඳ අවසාන බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ශ්‍රී ලංකාවේ පාලන ක්‍රම කිහිපයක් තිබුණා. එක් ක්‍රමයක් එංගලන්ත ක්‍රමය, එයින් කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. අනෙක විධායක ජනාධිපති ක්‍රමයයි. විධායක බලතල තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. ව්‍යවස්ථාදායක බලතල තිබෙන්නේ ව්‍යවස්ථාදායකයටයි. එවිට ජනාධිපති එක පක්ෂයකින් සහ ව්‍යවස්ථාදායකය තවත් පක්ෂයකින් පත් වෙන්න පුළුවන්. ස්විස් පාර්ලිමේන්තු ක්‍රමයට අවධානය යොමු කළහොත් එහිදි පාර්ලිමේන්තුවෙන් ෆෙඩරල් කාරක සභාවට හත් දෙනෙක් පත් කරනවා. විධායක බලතල තිබෙන්නේ ෆෙඩරල් කවුන්සිලයටයි.

එහි සම්ප්‍රදායක් තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පක්ෂ දෙකට මන්ත්‍රී ධූර දෙක බැගින් ලබා දෙනවා. සෙසු පක්ෂවලට එක් මන්ත්‍රී ධූරයක් බැගින් ලබා දෙනවා. ඒ අය පත් කළාට පසුව ආයතන බෙදා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ඒ මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා. විධායක බලය යොදවන්නේ ඒ සියලු දෙනා එකතු වෙලා. කැබිනට් මණ්ඩලයට ඇමතිවරු පත් කිරීමට සහ ඉවත් කිරීමට අගමැතිවරයාට බලතල තිබෙනවා. වසරකට වරක් එම හත්දෙනාගෙන් කෙනෙක් සභාපති වෙනවා. අනෙක් ක්‍රමය වන්නේ ශ්‍රී ලංකාවේ පැවතුණු ඩොනමෝර් ක්‍රමය. එම ක්‍රමයේදී විධායක ක්‍රමය කොටස් හතකට බෙදුණා. එයින් කෙනෙක් කථානායකවරයා ලෙස කටයුතු කළා. ඒ හත්දෙනාගෙන් කෙනෙක් සභාපති ලෙස තෝරා පත් කර ගත්තා. ඒ සභාපති ඇමති ලෙස දිවුරුම් දුන්නා. ඒ ඇමතිවරුන්ගෙන් කෙනෙක් සභානායකවරයා ලෙස තෝරා පත් කර ගත්තා. ආණ්ඩුකාරවරයා තවත් ලේකම්වරු තුන්දෙනෙක් පත් කරගත්තා. ඇමති මණ්ඩලය ලෙස කටයුතු කළේ දහදෙනයි. මේ දහ දෙනාගෙන් ප්‍රධාන ලේකම් සභාපතිවරයා ලෙස කටයුතු කළා. තීරණ ගනු ලැබුවේ මේ මණ්ඩලය රැස්වෙලා.

ඉන් පසුව ප්‍රංශ ක්‍රමය පැමිණියා. එහිදී මහජන ඡන්දයෙන් විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගනු ලබනවා. පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරනු ලබන්නේ මහජනතාව විසිනුයි. ලංකාවේ බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ මේ ක්‍රමයයි. මෙම ක්‍රමයේ වාසි සහ අවාසි දෙකම තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධූරය හොඹවමින් රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. මහවැලිය, සමනල වැව, ලුණුගම්වෙහෙර වැනි විශාල ව්‍යාපෘති ඉදි කළා. කෝට්ටේ අගනුවරක් බවට පත් කළා. වෙළඳ කලාප දෙකක් ආරම්භ කළා. වසර 11 ක කාලයක් තුළ යුද්ධයක් කරන අතරතුර මේ සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා.

ඒ වගේම ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කර්මාන්තශාලා දෙසීයක් පමණ ආරම්භ කළා. විධායක ජනාධිපති ධූරය නොතිබුනා නම් ශ්‍රී ලංකාවට යුද්ධය ජය ගැනීමට ලැබෙන්නේ නෑ. විදේශ රටවල් බලාපොරොත්තු වුණේ ලංකාව ඇතුලේ අර්බුදයක් ඇතිවී ආණ්ඩුව කඩා වැටෙයි කියලා. ජනාධිපතිවරයෙක් හිටපු නිසා ඒ බලය කිසි කෙනෙකුට ගන්න බැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එම බලය තිබුණ නිසා තමයි හමුදාව යොදවලා යුද්ධය ජය ගැනීමට හැකිවුණේ. යහපාලන ආණ්ඩුව සමයේ එය නිසි ලෙස සිදුවුයේ නැහැ. විධායක ජනාධිපතිවරයා වෙනමත්, අප වෙනමත් වැඩ කටයුතු කරගෙන ගියා. අරගලය අවස්ථාවේදී විධායක බලතල තිබු නිසා රටේ ස්ථාවර බව ඇති කරන්න පුළුවන් වුණා. එදා අගමැතිකම බාර ගැනීමට කිසිවෙක් හිටියේ නැහැ. එවකට ජනාධිපතිවරයා නැවට නැගලා ත්‍රිකුණාමලයට යනවිට සමහරු මට කිව්වා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙන්න කියලා.

එහිදී බහුතරයක් තිබෙන අයෙකු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත්, නැතිනම් මට ඉල්ලා අස්විය නොහැකි බවත් මා සඳහන් කළා. ඉල්ලා අස්වීමේ ලිපිය ලිව්වත් මම එය ජනාධිපතිවරයාට ලබා දිය යුතුයි. ජනාධිපති නැවක සිටිද්දි, රටින් පිටවී මාලදිවයිනට යන විට මට ඉල්ලා අස්වීම ලබා දීමට හැකියාවක් නැහැ. කිසිවෙකුගේ බලපෑමට හෝ, මගේ නිවස ගිනි තැබු නිසා හෝ මා ඉල්ලා අස්වූයේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් පිට කවුරුන් හෝ බලය ලබා ගන්නවා. ඉදිරියේදී අප ජනාධිපතිවරණය පත්වනවා. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නැහැ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. මේ වන විටත් විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවට ලබා දී තිබෙනවා. තවත් කොටසක් කොමිෂන් සභාවලට ලබා දී තිබෙනවා. එසේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා යොදවා තිබෙනවා. තව පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ගෙන ආ පසු ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යනවා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍යයි. අලුතෙන් ගෙන එන ආර්ථික පරිවර්තන පනත මගින් ආණ්ඩුවේ ඉදිරි වසර 04ක සැලැස්ම ඉදිරිපත් කළ යුතුයි. එක් එක් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අදාළ ප්‍රගතිය වසර අවසානයේදී පාර්ලිමේන්තුවට කිව යුතුයි. කරු ජයසූරිය මහතා යෝජනා කර තිබෙන ජන සභා ක්‍රමය ඉතා ප්‍රායෝගිකයි. ඉදිරියේදී පැමිණීමට නියමිත ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නීතියත් ඉතාම ප්‍රායෝගික බව කිව යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18