ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

සියලු ම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ; සියලු ම දේශපාලන පක්ෂ, ජනාධිපති අපේක්ෂකයින් සහ එහි නියෝජිතයින් තම දේශපාලන අවසන් ප්‍රචාරක රැලි මධ්‍යම රාත්‍රියට පෙර අවසන් කරගත යුතු බවයි.

ජූලි මස 28 වැනි දා මැතිවරණ කොමිෂන් සභාව විසින් 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට අවශ්‍ය අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

ඒ සමග එදින සිට අගෝස්තු මස 14 වැනි දින දහවල් 12 තෙක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කෙරුණු අතර අගෝස්තු මස 15 උදෑසන 09 සිට 11.30 තෙක් නාම යෝජනා භාර ගැනීමත් ඊට අදාළ කටයුතුත් මැතිවරණ ලේකම් කාර්‍යාලය මුල් කරගනිමින් පැවැත්වුණා.

ඉන් අනතුරුව එළඹුණේ සියලු ම දේශපාලන පක්ෂ සහ එහි ජනාධිපති ධුර අපේක්ෂකයින් දිවයින පුරා සිය මංගල දේශපාලන ජන රැලි ආරම්භ කිරීමටයි.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ මංගල ජන රැලිය කුරුණෑගල දී පැවැත්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වන මංගල ජන රැලිය අගෝස්තු මස 17 වැනිදා පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු කෙරුණා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගී වන මංගල ජන රැලිය පැවැත්වුණේ ද අගෝස්තු මස 17 තංගල්ලේ දීයි.

මීට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජන රැලිය අගෝස්තු 24 අනුරාධපුරේ දීත්, දිලිත් ජයවීරගේ සර්වජන බලය පක්ෂයේ මංගල ජන රැලිය යාපනයේදීත් පැවැත්වුණා.

එදා සිට (අගෝ:16) සිට අද (18) දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ජන රැලි, පෝස්ටර්ස්, විවිධ තේමා ගීත ආදිය සිය ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය සඳහා පළ වූ අතර ඒවා විද්‍යුත්, මුද්‍රිත හා රූපවාහිනී මාධ්‍යයන් තුළ ද ප්‍රචාරය වීම් සිදු කෙරුණා.

ඒ අනුව හෙට සහ අනිද්දා (20) යන දෙදින පූර්ව ජනාධිපතිවරණය තුළ පැවැත්වෙන නිහඬ කාලයක් ලෙස සැලෙකනු ඇති.

නමුත් ඒ සියලු ම කටයුතු අද මැදියම් රැයෙන් පසු ව නතර වන අතර සියලු ම ප්‍රාදේශීය මැතිවරණ කාර්‍යාල ද හෙට (19) දිනය තුළ දී ගලවා ඉවත් කළ යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (17) දිනයේ දී පැවසුවේ මැතිවරණ ප්‍රචාරණ රැලි අවසන් වීම සම්බන්ධයෙන් වන එක් ප්‍රවෘත්ති විකාශයක් හෙට දිනය තුළ දී පළ කිරීමට අවස්ථාවක් ලබා දී තිබෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18