ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්

රජය සූදානම් වන්නේ පළාත් පාලන මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණයක් පැවැත්වීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

ඊයේ (18) අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ ජනාධිපතිවරණයක් පවත්වා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් බලයට පැමිණීමේ අරමුණක් පවතින බවයි.

එම ජයග්‍රහණය සිදු වුවහොත් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන අතර එසේ නොමැති වුව හොත් මැතිවරණය නොපැවැත්වෙන බව ඔහු පෙන්වා දෙනවා.

මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුද්‍රණාලයට මුදල් නොමැති බවට පැවසීම හා අනෙක් ආයතනවල නිලධාරීන් ද ජනතාව මුලාවේ දමා ඇති බවටයි කුමාර වෙල්ගම මහතා පෙන්වා දෙන්නේ.

අප්‍රේල් 25 වනදා මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් පසුවන අතර එම දිනය ආසන්න වන විට ද එය පැවැත්වීමට නොහැකි බවට ප්‍රකාශ කරනු ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළා.

එලෙස ජනතාව මුලාවේ නොදමා මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බවට ප්‍රකාශ කළේ නම් මෙවැනි තත්ත්වයක් නිර්මාණය නොවන බවයි කුමාර වෙල්ගම මහතා කියාසිටියේ.

මේ අතර ලබන 2024 වසරේ මුල් කාලසීමාව තුළ ජනාධිපතිවරණයක් පවැත්වෙන තෙක් කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේවෙතත් දැනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට ජනාධිපතිවරයා කිසිදු තැනක සඳහන් කර නැහැ.

එහෙත් නියෝජිතයන් අට දහසක් ඇතුළත් වන පරිදි පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම අසීරු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

පළාත් පාලන ආයතනවල නියෝජිතවරුන් 8,000 අඩු කරන්නේ නම්, පළාත් කොමසාරිස්වරුන් පත් කරන විට දැනට සිටින සභාපතිවරයා ම පත් කරන ලෙසට කණ්ඩායමක් බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ඊට බැසිල් රාජපක්‍ෂ සහය නොදෙන බවටයි සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38