ජනාධිපතිගේ නව පත්කිරීම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබේ.
 
ඒ අනුව ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ජී. විජේසිරි මහතා පත්කර ඇත.

උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ඩී. පාඩිකෝරාල මහතා පත්කර තිබේ.

අදාළ ලේකම්වරුන් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

කේ.ජී. විජේසිරි මහතා මීට පෙර පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර එස්.ඩී. පාඩිකෝරාල මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !