ජනාධිපතිගෙන් හදිසියේම විශේෂ තීරණයක්

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

යුරෝපා සංගමයේ නියෝජිත පිරිස් සමග මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේදී අද (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

එහිදී, ඉතිහාසයේ කිසිදු කාල පරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ, කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වනවිටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමඟ එක්වී වැඩකිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයේදී දූත කණ්ඩායම අපේක්ෂා කරනු ලබයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයින් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව ද පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එහිදී, අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිවරයාටත් උපදෙස් ලබාදී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින සංශෝධනය කළ යුතු වගන්ති කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය  පවසයි.

මෙහිදී සිය සංචාරයේදී අධ්‍යයනය කළ කරුණු පදනම් කර ගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට ඉඩ ප්‍රස්ථාව හිමිවන බව පෙන්වාදුන් දූත පිරිස ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සහාය ලබාදෙන බවද සඳහන් කර ඇත.

එමෙන්ම වර්තමානයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින එකඟතාවන්ට අනුව කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසදා ගැනීමට සහ රට ඉදිරියට ගෙනයාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස්පෝරාවේ සිටින පිරිස් සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්වී කටයුතු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේදී ද තමා සඳහන් කළ බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57