ජනවාරි 03 වන විට සහල් මෙට්‍රික් ටොන් 88,000ක් නිෂ්කාශනය කර අවසන්

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිල දී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

වරින්වර රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට සහ මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් වී ගොවියාට සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බවයි වෙළෙඳ අමාත්‍යවරයා පැවසුවේ.

අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති රජයේ වී ගබඩා පිළිබඳ ව සොයා ලැබීම සඳහා සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ වෙළෙඳපොළ තුළ පවතින බරපතළ විෂමතා ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් සහල් මෝල් හිමියන් අසාමාන්‍ය ලෙස ලාබ ලබමින් සිටින බවත් එම අසාමාන්‍යතා රජය විසින් හඳුනාගෙන ඊට පිළිතුරු සෙවීමට කටයුතු කරන බවයි.

රටේ වී නිෂ්පාදනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් මහ මෝල් හිමියන් මිල දී ගන්නා බවත් ඉතිරි නිෂ්පාදන මිලදී ගනු ලබන්නේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන් බවත් පැවසූ අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ වෙළෙඳපොළ තුළ පවතින අසාමාන්‍යතා අවම කිරීම සඳහා රජය ද වී මිල දී ගැනීමට කටයුතු කරන බවයි.

රටේ පැවැති සහල් හිඟය අවම කිරීම සඳහා පසුගිය 31 වැනි දින වන විට සහල් මෙට්‍රික් ටොන් 86,000ක් මෙරටට ආනයනය කරමින් ගැටලුව විසඳූ බවත් මෙම මස 10 වැනි දිනෙන් පසු සහල් ආනයනය කිරීමේ නිදහස් සීමාව ඉවත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

මේ අතර 2025 ජනවාරි මස 03 වැනි දින එනම් ඊයේ දිනයේ දහවල් 12 වන විට මෙරටට ආනයනය කළ සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 88000ක් රේගුවෙන් නිෂ්කාශනය කර අවසන් බවයි වාර්තා වන්නේ.

මෙම සහල් තොගය අතර කැකුළු සහල් මෙට්‍රික් ටොන් 34,000 ක් ද, තැම්බූ සහල් මෙට්‍රික් ටොන් 54,000 ක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25