ජනවාරි සිට මාස 5ක් අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය නවතී

ලබන 2023 වසරේ ජනවාරි මස 5 වනදා සිට අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයක් සඳහා නතර කෙරෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මෙම දුම්රිය මාර්ගය අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් මෙලෙස වසා තැබෙන බවයි.

දැනට ඉතා අබලන් තත්ත්වයේ පවතින අනුරාධපුර සිට වව්නියාව දක්වා මාර්ගයේ ධාවන කටයුතු නතර කෙරෙන අතර දුම්රියෙන් අනුරාධපුරයට පැමිණෙන මගීන් ලංගම සහ පෞද්ගලික බස් රථ එක්ව යාපනය දක්වා අඛණ්ඩව ප්‍රවාහනයට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර තිබෙනවා.

කොළඹ සිට අනුරාධපුර දක්වා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙනු ඇති.

රුපියල් බිලියන 33ක් පමණ වැය වන මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දීය ණය ආධාර වැඩපිළිවෙල යටතේයි ක්‍රියාත්මක වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18