spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනවාරි සිට මාස 5ක් අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය නවතී

ලබන 2023 වසරේ ජනවාරි මස 5 වනදා සිට අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයක් සඳහා නතර කෙරෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මෙම දුම්රිය මාර්ගය අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් මෙලෙස වසා තැබෙන බවයි.

දැනට ඉතා අබලන් තත්ත්වයේ පවතින අනුරාධපුර සිට වව්නියාව දක්වා මාර්ගයේ ධාවන කටයුතු නතර කෙරෙන අතර දුම්රියෙන් අනුරාධපුරයට පැමිණෙන මගීන් ලංගම සහ පෞද්ගලික බස් රථ එක්ව යාපනය දක්වා අඛණ්ඩව ප්‍රවාහනයට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර තිබෙනවා.

කොළඹ සිට අනුරාධපුර දක්වා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙනු ඇති.

රුපියල් බිලියන 33ක් පමණ වැය වන මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දීය ණය ආධාර වැඩපිළිවෙල යටතේයි ක්‍රියාත්මක වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?