spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනවාරි මාසයේ සිට යළිත් විදුලි බිල වැඩිවෙයි

2023 වසරේ ජනවාරි මාසයේ සිට යළිත් විදුලි බිල සංශෝධනයක් සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළ දැමීමට පියවර ගන්නා බවයි ඔහු කියාසිටියේ.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.

මෙම ගාස්තු සංශෝධනයට අවශ්‍ය නීතිමය බලය ලැබී ඇති අතර එය නීතිපතිවරයා විසින් ද තහවුරු කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

විදුලි බිල වැඩි විය යුතු ආකාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ලබන සතිය වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කරනවා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට විදුලිබිල වැඩි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

https://www.youtube.com/watch?v=-AasImL9kVc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?