ජනවාරි මාසයේ ඔස්ට්‍රෙලියාව ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට (ඡායාරූප)

එළඹෙන 2025 වසරේ දී සංචාරක ඔස්ට්‍රෙලියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වදින ටෙස්ට් තරග 02ක් සහ එක් එක්දින තරගයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (01) නිල වශයෙන් තහවුරු කිරීම සිදු කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර එක් එක්දින තරගය 2025 චැම්පියන්ස් කුසලානයට පෙර සූදානමක් ලෙසයි පැවැත්වෙන්නේ.

මීට අමතරව ටෙස්ට් තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 29 වැනි දින සිට පෙබරවාරි 02 වැනි දින දක්වා පැවැත්වෙනවා.

දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි මස 06 සිට 10 වැනි දින දක්වා යි.

එමෙන්ම දෙරට අතර පැවැත්වෙන එකම එක්දින තරගය පෙබරවාරි මස 13 වැනි දින පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

නමුත් එම තරගය පැවැත්වෙන ස්ථානය මෙතෙක් තීරණය කර නැහැ.

ඔස්ට්‍රෙලියාව සමග පැවැත්වෙන තරග 02කකින් යුත් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ දී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ දී වැදගත් වනු ඇති.

අවසන් වරට ඔස්ට්‍රෙලියාව 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14