ජනවාරි අග දක්වා විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් දැනුම්දීමක්

ලබන වසරේ ජනවාරි අන්තිම දක්වා විදුලි කප්පාදු කාලසීමාවේ වැඩිවීමක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඇනවුම් කළ ගල් අඟුරු තොග ලැබීම හා වර්ෂාව ලැබීමත් සමඟ දැනට ක්‍රියාත්මක පැය දෙකයි විනාඩි 20ක දෛනික විදුලි කප්පාදුව වැඩි නොකර පවත්වාගත හැකි බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

මේ අතර ඉන්ධන පිරවුම්හල් මඟින් නිකුත්කරන ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ද ඔහු පැවසුවා.

ඒ, අනුව ඉදිරියේ දී ඉන්ධනවල ගුණාත්මක බව සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පසුගියදා පරික්ෂාවට ලක් කිරීමෙන් පසු ඉන්ධන පොම්ප දෙකකට මුද්‍රා තැබූ කොළඹ මල්පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් සිදුකර ඇති ඉන්ධන වාංචාවෙන් අයතු ලෙස උපයා ඇති ලාභය දිනකට රුපියල් ලක්ෂ 05ක් පමණ වන බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.

මහජන උපයෝගීතා කොමිසම සහ මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන ලියාපදිංචි සැපයුම්කරුවන් අතර ඊයේ (30) පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48