spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනවාරි අග දක්වා විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් දැනුම්දීමක්

ලබන වසරේ ජනවාරි අන්තිම දක්වා විදුලි කප්පාදු කාලසීමාවේ වැඩිවීමක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඇනවුම් කළ ගල් අඟුරු තොග ලැබීම හා වර්ෂාව ලැබීමත් සමඟ දැනට ක්‍රියාත්මක පැය දෙකයි විනාඩි 20ක දෛනික විදුලි කප්පාදුව වැඩි නොකර පවත්වාගත හැකි බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

මේ අතර ඉන්ධන පිරවුම්හල් මඟින් නිකුත්කරන ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ද ඔහු පැවසුවා.

ඒ, අනුව ඉදිරියේ දී ඉන්ධනවල ගුණාත්මක බව සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පසුගියදා පරික්ෂාවට ලක් කිරීමෙන් පසු ඉන්ධන පොම්ප දෙකකට මුද්‍රා තැබූ කොළඹ මල්පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් සිදුකර ඇති ඉන්ධන වාංචාවෙන් අයතු ලෙස උපයා ඇති ලාභය දිනකට රුපියල් ලක්ෂ 05ක් පමණ වන බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.

මහජන උපයෝගීතා කොමිසම සහ මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන ලියාපදිංචි සැපයුම්කරුවන් අතර ඊයේ (30) පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?