ජනමාධ්‍ය නිදහස කප්පාදු කිරීමට කිසිසේත් ම කටයුතු කරන්නේ නැති බවට ජනපතිගෙන් පොරොන්දුවක් (වීඩියෝ)

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබාදීමේ කාර්යයේ දී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් ලෙස තමන් සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපතිවරයා සිදු කළ සාකච්ඡාවකදියි හෙතෙම මේ බව අවධාරණය කර ඇත්තේ.

ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙසයි සියලු මාධ්‍ය ආයතනවලින් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.

දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුව ද ජාතික ආරක්ෂාවට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපතිවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටියා.

රටක් ලෙස දශක ගණනාවක යුද්ධයකට මුහුණ දුන් බව සිහිපත් කරමින් නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බව ද හෙතෙම අවධාරණය කරමින් පැවසුවේ; ජනමාධ්‍ය නිදහස කිසිදු අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31