ජනප්‍රිය නොවන තීන්දු රැසක් ගන්නවා: විවේචන එල්ලවෙයි – ජනපති කියයි

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යෑමට ඉදිරියේදීද ජනප‍්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප‍්‍රතිලාභ රටටත් ජනතාවටත් හිමිවනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙටිකාලීනව අභියෝග ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකිවනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලූදෙනාගෙන්ම ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (26 දා* පස්වරුවේ පැවැති ‘ජනාධිපති අපනයන සම්මාන උළෙල’ අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.

පසුගිය වසරේ සිට කි‍්‍රයාත්මක වූ ඇතැම් ආනයන සීමා වැනි ප‍්‍රතිපත්තිවල මැදිහත්වීම්වල වාසිදායක ප‍්‍රතිලාභ අද රටට හිමිව තිබෙනවා. එමගින් නව දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා අවකාශ නිර්මාණය කර තිබෙනවා. මෙම නව කර්මාන්ත පෝෂණය කරමින් කෙටිකාලීන ලාභ ඉපැයීම වෙනුවට ගෝලීය වශයෙන් තරගකාරී විය හැකි ගුණාත්මක නිෂ්පාදන බිහිකිරීමට කර්මාන්තකරුවන් ක‍්‍රියා කළ යුතුයි. ඒ සඳහා ශ‍්‍රී ලංකාව සතුව සුවිශේෂී හැකියාවක් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06