ජනප්‍රිය රංගන ශිල්පී ලෝචනා කියන සංවේදී කතාව

ලෝචනා ඉමාෂි කියන්නේ අපි කවුරුත් අදාරය කරන රංගන ශිල්පිනියක්.

ඇය කටකාර, දඟකාර සුන්දර යුවතියක් කිවුවොත් නිවැරදියිනේ.

ඉතින් මේ වෙද්දි ලෝචනා කියන්නේ පුංචි පුතෙකුගේ ආදරණීය මවක්.

කොහොම වුණත් ඇය මේ වෙද්දි ලංකාවේ ඉන්නේ නම් තනියම.

ඒකට හේතුව තමයි ලොචනාගේ සැමියා සහ පුංචි පුතා මේ වෙද්දි ජීවත් වෙන්නේ ඉතාලියේ වීම.

ඉතින් ඇය මේ වෙද්දී කොරෝනා කාලේ හුගක් අසීරුවෙන් ඉන්න ගොඩක් අයට කිසිම ප්‍රසිද්ධියක් නැතුවම උදව් කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා.

ඇය දරුවන්ට උදව් කරන්න ජයසකා Child Care By Lochana නමින් පදනමක් පිහිටුවලා තිබෙනවා.

කොහොමවුණත් කොරෝනා වසංගතය නිසා විදෙස්ගත වීමට නොහැකිව සිටින ලොචනා ඉමාෂි පසුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමින් මේ විදිහට කියලා තිබ්බා.

මම පසුගිය දිනක කඵබෝවිල රෝහලේ කොරෝනා වාට්ටුවට ගියා. ඒ ලෙඩ්ඩුන්ව බලන්න නෙවෙයි. ඒ අය වෙනුවෙන් පොඩි පරිත්‍යාගයක් කරන්න ගියේ. ලෙඩ්ඩුන්ට උණුවතුර බොන්න විදුලි බොයිලේරුවක අඩුපාඩුවක් තියන බව මගේ හිතවතෙක් කිව්වා. මම මගේ ඥාති සහෝදරයා එක්ක කඵබෝවිල රෝහලට ගියේ බොයිලේරු දෙකක් දෙන්න. ඒක අවශ්‍ය වුණේ කොරෝනා වාට්ටුවට නිසා අපි ඒ වාට්ටුවටම ගිහින් දුන්නා. වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලය කරන කැප කිරීම නම් අගය කරන්න ඕනේ. ඉතින් අපි කරාපිටියේ කොරෝනා ළමයින් ඉන්න වාට්ටුවේ දරුවන්ට කෑම වේලක් දෙන්නත් හිතුවා.

මම මේ පුංචි දරුවන්ට උදව් කරන්නේ මගේ පුතා නිසයි. මට එයාව මතක් වෙන වාර අනන්තයි. අම්මෙක්ට දරුවක්ගෙන් ඈත් වෙලා ඉන්න බෑ. මම ඒ වේදනාව විඳිනවා. ඒ වේදනාවට පුංචි හරි සහනයක් වෙන්නයි මම අසරණ දරුවන්ට උදව් කරන්නේ.

0ba9d3b8d25b9ea3a1b4d87491f1e572


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06