ජනප්‍රිය K-Pop ගායිකාව අභිරහස් ලෙස ජීවිතක්ෂයට

දකුණු කොරියානු ජනප්‍රිය ගායිකාවක් වන පාර්ක් බෝ රාම් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

30 හැවිරිදි වියේ පසු වූ ඇයගේ මරණයට හේතුව තවමත් විමර්ශනය වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාර්ක් බෝ රාම් අප්‍රේල් 11 වැනි දින රාත්‍රියේ මෙලෙස මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඇය ජීවිතක්ෂයට පත්වීමට පෙර පෞද්ගලික උත්සවයකට සහභාගීව සිටි ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එම උත්සවයේ දී ඇය මිතුරන් දෙදෙනෙකු සමඟ මත්පැන් පානය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පාර්ක් බෝ රාම් එදින රාත්‍රී 9.55ට පමණ විවේකාගාරයට ගොස් ඇති අතර, ඇය ආපසු නොපැමිණිමත් සමඟ ඇගේ මිතුරන් කළ සොයා බැලීමේ දී ඇය සිහිසුන්ව සින්ක් එක අසල වැටී සිටින අයුරු දැක තිබෙනවා.

ඒ, වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

පාර්ක් බෝ රාම් 2010 දී වයස අවුරුදු 17 දී සුපර් ස්ටාර් K2 ගායන තරඟයේ දැක්වූ දක්ෂතාවයෙන් ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වන තරුවක් බවට පත් වුණා.

2014 වසරේ දී ඇය පොප් සංගීත ක්ෂේත්‍රයේ ඇයගේ මංගල දර්ශනය සනිටුහන් කළේ රැප් ගායක Zico සමඟ “බියුටිෆුල්” ගීතය නිකුත් කිරීමත් සමඟයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06