spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය සංගීත කණ්ඩායමක ආරම්භක සාමාජිකාවක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

එක්සත් ජනපදයේ ඩික්සි චික්ස් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකාවක් වන ලෝරා ලින්ච් රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඇය 65 හැවිරිදි වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටෙක්සාස් මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව පැවසුවේ සිකුරාදා එල් පැසෝ නගරයේ අසල වාහන දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඇය මිය ගිය බවයි.

මෙම පුවතට ප්‍රතිචාර දක්වමින් වත්මන් සංගීත කණ්ඩායමේ සාමාජිකයින් කම්පනයට සහ කණගාටුවට පත් වූ බව Instagram හි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සංගීත කණ්ඩායම 1989 දී ටෙක්සාස් හි ඩලස් හි ඩික්සි චික්ස් ලෙස ආරම්භ කරනු ලැබුවා.

සම ආරම්භක සාමාජිකයින් වූයේ ලින්ච්, බාස් වාදකයෙකු සහ පසුව ගායන ශිල්පියෙකු වන රොබින් ලින් මැසි සහ සහෝදරියන් වන මාටි සහ එමිලි අර්වින්.

ලින්ච් 1995 දී කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණයකර තිබුණා. සංගීත කණ්ඩායම මීට වසර තුනකට පෙර ද චික්ස් ලෙස නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?