ජනප්‍රිය සංගීත කණ්ඩායමක ආරම්භක සාමාජිකාවක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

එක්සත් ජනපදයේ ඩික්සි චික්ස් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකාවක් වන ලෝරා ලින්ච් රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඇය 65 හැවිරිදි වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටෙක්සාස් මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව පැවසුවේ සිකුරාදා එල් පැසෝ නගරයේ අසල වාහන දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඇය මිය ගිය බවයි.

මෙම පුවතට ප්‍රතිචාර දක්වමින් වත්මන් සංගීත කණ්ඩායමේ සාමාජිකයින් කම්පනයට සහ කණගාටුවට පත් වූ බව Instagram හි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සංගීත කණ්ඩායම 1989 දී ටෙක්සාස් හි ඩලස් හි ඩික්සි චික්ස් ලෙස ආරම්භ කරනු ලැබුවා.

සම ආරම්භක සාමාජිකයින් වූයේ ලින්ච්, බාස් වාදකයෙකු සහ පසුව ගායන ශිල්පියෙකු වන රොබින් ලින් මැසි සහ සහෝදරියන් වන මාටි සහ එමිලි අර්වින්.

ලින්ච් 1995 දී කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණයකර තිබුණා. සංගීත කණ්ඩායම මීට වසර තුනකට පෙර ද චික්ස් ලෙස නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02