ජනප්‍රිය නළුවාගේ දොස්තර බිරිඳ ගුවන්තොටේ දී අත්අඩංගුවට

මෙරට ජනප්‍රිය නළුවෙකු සහ රූපවාහිනී නිවේදකයෙකුගේ බිරිඳ බව පවසන කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම කාන්තාව ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී ඊයේ (05) ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

මූල්‍ය වංචා පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

වෛද්‍යවරියක බව පවසන 37 හැවිරිදි මෙම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඇය ඊයේ (05) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව ගුවන් තොටුපොළ පොලිසිය විසින් කොල්ලුපිටිය පොලිසිය වෙත ඉදිරි නීතිමය ක්‍රියාමාර ගැනීම සඳහා භාර දී ඇති බවයි වාර්තා වුණේ.

  1. කවර තරාතිරමක පුද්ගලයෙක් වුවද ජනතාවට ඔහුව/ඇය ගේ තොරතුරු කවරේ දැයි දැනගන්නට ජනතාවට අයිතියක් ඇත. ඔවුන් ගැන සත්‍ය ජනතාවට හෙළිදරව් කල යුතුය.අනිවාර්යයෙන්ම නිතිවිරෝදි ක්‍රියාවක් නම් අනිවාර්යයෙන්ම තරාතිරම නොබලා නීතිය ඉටුවිය යුතුය

  2. ඒ කියන්නේ නව දිල්ලියේ ඉදලා ගුවනින් ආපු වරදටද? අතඅඩංගුවට අරන් තියෙන්නේ…පීනගෙන ආවොත් ගන්නැද්ද?කියන හරුපයක් තේරෙන්න කියන්න..තරුව කවුද දම්නෙත් නෑ තරුවගෙ ගෑනි දන්නෙත් නෑ….ඇල්ලුවෙ මොකටද කියන්නෙත් නෑ…මොකටද ඔය ටිකත් කිව්වේ…😊😊😊

  3. නම්ගම් නැතුව දෙයක් පළකරන ඒකෙන් නිකං ඔලුව අවුල් වෙනවා. එසේ ප්‍රවුර්ති පළ නොකර ඉන්නවානම් වඩා හොඳයි .

  4. නීතිය ක්‍රියාත්මක වෙන්නෙ පුද්ගල චරිත අනුවය .නීතියට ගරු කරන ජනතා ආණ්ඩුව ක් සැප්තැම්බර් 21 අපි පත් කරගත යුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56