ජනප්‍රිය තරුණ නිළියක් රටක් කම්පා කරමින් සියදිවි හානි කරගනී

ගායිකාවක් සහ නිළියක් ලෙස ජනප්‍රිය මල්ලිකා රාජ්පුත් (Mallika Rajput) ඊයේ (13)දින සිය නිවස තුළ ම සැක කටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

35 හැවිරිදි ඇගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස වාර්තා වන අතර දේහය සුල්තාන්පූර් හි සිටකුන්ඩ් ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිවිලිමේ විදුලි පංකාවක එල්ලී තිබියදී සොයාගත් බව‍යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඉන්දීය බලධාරීන් සඳහන් කරන්නේ, මල්ලිකාගේ හදිසි වියෝව ආශ්‍රිත තත්ත්වයන් අපහැදිලි බවයි.

ඇයගේ මව වන සුමිත්‍රා සිංගේ අනාවරණයන්ට අනුව පවුලේ පිරිස් නිදා සිටි බැවින් මල්ලිකාගේ මරණය කෙසේ සිදුවූවා ද යන්න මෙතෙක් නොදන්නා බව සඳහන්වේ.

ඉන්දීය වාර්තාවන්ට අනුව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, ඇගේ මරණය මූලික වශයෙන් සියදිවි නසාගැනීමක් යැයි සැකපල කරන බවයි.

කෙසේ නමුත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු මරණයට නිශ්චිත හේතුව දැනගත හැකි වනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ.

මල්ලිකා රාජ්පුත් වඩාත් ජනප්‍රිය වූයේ කන්ගනා රනවුත් රඟපෑ Revolver Rani චිත්‍රපටයේ සහය භූමිකාව රඟපෑ චරිතය ලෙසයි.

තවද ඇය 2016 දී භාරතීය ජනතා පක්ෂයට (BJP) සම්බන්ධ වූ අතර ඉන් වසර දෙකකට පසුව ඉවත්ව තිබුණා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඇය මෙලෙස විනෝදාස්වාද කර්මාන්තයෙන් සහ දේශපාලන භූමිකාවෙන් කෙටි කලකින් ඉවත් වූ පසු අධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21