ජනප්‍රිය ගායිකා මැඩෝනා රෝහල්ගත කරයි

ඇමරිකාවේ ජනප්‍රිය පොප් ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ද වන මැඩෝනා රෝහල් ගතකර තිබෙනවා.

බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුලත් කර ඇති අතර මේ හේතුවෙන් ඇයගේ ලෝක සංචාරය ද කල් දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය නිව්යෝර්ක් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජනප්‍රිය ගායිකාවගේ කළමනාකරු ගයි ඔසේරි සඳහන් කර ඇත්තේ මැඩෝනා ගේ ආසාදනය බරපතල වූ අතර එය දින හදිසි ප්‍රතිකාර ඒකකයේ රැඳී සිටීමට හේතු වන බවයි. දින කිහිපයකින් සම්පූර්ණ සුවය අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මැඩෝනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින නමුත් ඇය තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබන බවයි.

64 හැවිරිදි මැඩෝනා ලබන මාසයේ දින 84ක සංචාරයක් ආරම්භ කිරීමටයි බලාපොරොත්තුවෙන් පසු වූයේ.

මැඩෝනාගේ නවතම සංචාරය ජූලි 15 වන දින කැනඩාවේ වැන්කුවර් හි ආරම්භ වී ජනවාරි 30 වන දින මෙක්සිකෝ නගරයේ දී අවසන් වීමට නියමිතව තිබුණා.

නමුත් ඇයගේ කළමනාකරු පැවසුවේ මැඩෝනාට බරපතල බැක්ටීරියා ආසාදනයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සියලු සැලසුම් අත්හිටුවිය යුතු වන බවයි.

2009 වසරේ දී, ඇයගේ Sticky & Sweet Tour එක සම්පූර්ණ කිරීමෙන් පසු කාන්තා කලාකරුවෙකු විසින් වැඩිම ආදායමක් උපයාගත් සංගීත චාරිකාව ලෙසට ගිනස් ලෝක වාර්තාවක් ද ඇයට හිමි වුණා.

ඇමරිකානු සඟරාවක් වන ෆෝබ්ස් සඳහන් කළේ මැඩෝනා ඩොලර් මිලියන 580 (පවුම් මිලියන 460) ක ඇස්තමේන්තුගත වත්කමක් ඇති එක්සත් ජනපදයේ 45 වැනි ධනවත්ම කාන්තාව ලෙස ලැයිස්තුගත කර ඇති බවයි.

ඇය තම සංගීත සංචාරවලින් ඩොලර් බිලියන 1.2 ක ඇස්තමේන්තුගත අදායමක් උපයා ඇති බව ද සඳහන්.

දරුවන් හයදෙනෙක් සිටින මැඩෝනා ලුයිස් සිකෝන් හැදී වැඩුණේ මිචිගන්හි ඩෙට්‍රොයිට් නගරයේ යි. 1978 වසරේ දී ඇය නර්තනය සහ සංගීතය පිළිබඳ වෘත්තියක් වෙනුවෙනුයි නිව්යෝර්ක් වෙත පැමිණ ඇත්තේ.

මෙම වසර මුලදී, මැඩෝනාගේ වැඩිමහල් සොහොයුරා වන ඇන්තනි සිකෝන් වයස අවුරුදු 66 දී මිය ගියේ අධික මත්පැන් භාවිතය හේතුවෙන් හටගත් රෝගී තත්වයක් හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50