ජනප්‍රිය ඉන්දීය නිරූපිකාවක් දිවි නසාගනී

ජනප්‍රිය ඉන්දීය නිරූපිකාවක් වන සැන් රෙචල් සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

ඉන්දීය පොලිස් ආරංචි මාර්ග පවසන්නේ සැන් රෙචල් ඇයගේ පියාගේ නිවසට ගිය පසු කිසියම් බෙහෙත් පෙති වර්ගයක් අධික වශයෙන් පානය කර මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

පෙති පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇයව මුලින් රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, පසුව ඇයව පෞද්ගලික රෝහලකට මාරුකර යවා තිබෙනවා.

එම පෞද්ගලික රෝහලෙන් ඇයව ජවහර්ලාල් පශ්චාත් උපාධි වෛද්‍ය අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය වෙත මාරුකර යවා ඇති අතර, එහිදී ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අධික මූල්‍ය අර්බුදය සහ පෞද්ගලික පීඩනය ඇයව මෙම අන්ත පියවර ගැනීමට තල්ලු කළ බවට විමර්ශකයින් සැකපළ කරනවා.

මේ අතර පොලිසිය විසින් සොයා ගන්නා ලද සියදිවි නසාගැනීමට පෙර ඇය ලියූ සටහනක සඳහන්ව ඇත්තේ ඇගේ මරණයට කිසිවෙකු වගකිව යුතු නැති බවයි.

අඳුරු සමක් ඇති පුද්ගලයින්, විශේෂයෙන් කාන්තාවන් මුහුණ දෙන වෙනස්කම් කිරීම් පිළිබඳව හඬ නැගූ තැනැත්තියක් ලෙස ඇය ප්‍රසිද්ධියට පත්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33