ජනපති Industry Expo 2025 ප්‍රදර්ශනය නැරඹීමට එක්වෙයි

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ පැවැත්වෙන Industry Expo 2025 ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ එක වුණා.

ප්‍රදර්ශන කුටි නැරඹූ ජනාධිපතිවරයා එම ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සමඟ අදහස් හුවමාරු කර ගත්තා.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙය වීම අරමුණ කර ගනිමින්, සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය වන පරිදි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන Industry Expo 2025 ප්‍රදර්ශනය සැප්තැම්බර් 18 සිට 21 දක්වා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ දී පැවැත් වෙනවා.

කර්මාන්ත සංවර්ධනයේ දී රටක් ලෙස මුහුණ දෙන ගැටළු සහ අභියෝග රැසකට විසඳුම් සෙවීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛතම අරමුණයි.

එමඟින් රටේ ජාතික නිෂ්පාදිතය ප්‍රවර්ධනයට උර දෙන දැවැන්තයින් ජාතික මට්ටමින් හඳුන්වා දීම, ජනතාව මෙන්ම වගකිව යුතු පාර්ශ්ව ඉදිරියේ ඔවුන් විසින් රටේ සංවර්ධනයට දක්වන දායකත්වය ඇගයීමට ලක් කිරීම මෙන්ම ජනතාව තුළ ව්‍යවසායක ප්‍රජාව පිළිබඳ සුබවාදී ආකල්ප ඇති කිරීමද අපේක්ෂා කෙරෙනවා.

එතුළින් ජනතාව තුළ ව්‍යවසාකත්වය පිළිබඳ උනන්දුවක් ඇති කිරීම, කර්මාන්තකරුවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පුළුල් කිරීමට අවස්ථා හඳුන්වාදීම සහ ඊට අභිප්‍රේරණය ලබාදීම සිදු කෙරෙනවා

තවද වෙළෙඳපොළ සබඳතා ප්‍රවර්ධනය කිරීම තුළින් සියලු පාර්ශ්වයන්ට දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ නව ප්‍රවේශ විවර කරදීම, තරඟකාරී වෙළෙඳපොළ පිළිබඳ තක්සේරුවකට පැමිණීම වැනි අවස්ථා හිමිකර දෙන අතර තමන්ගේ හැකියාවන් සහ දුර්වලතා හඳුනා ගැනීමටත්, නව තාක්ෂණය භාවිතය පිළිබඳ දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට ද Industry Expo 2025 ප්‍රදර්ශනය අවස්ථාව හිමිකර දෙනවා.

මීට අමතරව කර්මාන්ත සංවර්ධනය සඳහා සහාය දක්වන ආයතන පද්ධතිය හඳුනා ගැනීමත්, ඒ හරහා ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳ දැනුම්වත් වීමත් ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් මෙහිදී ලබාගන්නා සුවි‍ශේෂ අවස්ථා වනවා.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 25ක් නියෝජනය වන පරිදි දිවයින පුරා කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රදර්ශන කුටි 450කින් මෙම ප්‍රදර්ශනය සමන්විතයි.

පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය සහ පෞද්ගලික අංශ මඟින් ඉදිරිපත් කරනු ලබන නවෝත්පාදන කලාපය මෙවර ප්‍රදර්ශනයේ විශේෂ අවධානය යොමු වී ඇත. මීට අමතරව පාසල් ව්‍යවසායකත්ව කව වැඩසටහන යටතේ පාසල් සිසුන් ගේ නිෂ්පාදන රැගත් ප්‍රදර්ශන කුටි ද මෙවර Industry Expo 2025 ප්‍රදර්ශනයට ඇතුළත්.

තවද ජාතික ඉංජිනේරු නවෝත්පාදන හා ගවේෂණ මධ්‍යස්ථානයේ (NERD) සේවා කුටියක්ද, කර්මාන්ත සඳහා සහාය ලබාදෙන සියළුම රාජ්‍ය සහ බැංකු ආයතන නියෝජනය කෙරෙන ONE STOP service කුටියක් ද මෙවර ප්‍රදර්ශනය සමඟ එක්වී තිබෙනවා.

මීට අමතරව කර්මාන්ත හිමියන් සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ, ඇසුරුම් ද්‍රව්‍ය ආදී අංගෝපාංගවලින් සමන්විත Industry Expo 2025 ප්‍රදර්ශනයේ දී සැපයුම්කරුවන් හමුවීමේ අවස්ථාව ද හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03