ජනපති 21 වනදා ජගත් සමුළුව අමතයි

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතව තිබෙනවා.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේයි සැප්තැම්බර් 18 වන දා සිට 21 දක්වා සමුළුව පැවත්වෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වනදා සමුළුව ඇමතීමට නියමිතයි.

එසේම ජනාධිපතිවරයා 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසාර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව අමතා විශේෂ දේශනයක් සිදු කිරීමට ද නියමිතව තිබෙනවා.

මීට සමගාමීව වඩාත් සාධාරණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ගෝලීය ආර්ථිකයක් සඳහා වඩාත් සාධාරණ හා වේගවත් පරිවර්තනය වීමක් සඳහා ගෝලීය සාමූහික කැමැත්ත ප්‍රදර්ශනය කිරීමේ වැදගත් දේශපාලනික සන්ධිස්ථානයක් අපේක්ෂා කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් කැඳවා ඇති “දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමතීමට නියමිතයි.

සංවර්ධනය සඳහා වන මූල්‍යකරණය පිළිබඳ ‘ණය තිරසරභාවය ඇති කිරීම සහ ගෝලීය මූල්‍ය ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම’ යන මැයෙන් පැවැත්වෙන ඉහළ පෙළේ රැස්වීමේ ප්‍රධාන දේශනය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ඇති.

සිය නිව්යෝර්ක් සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා සහ අනෙකුත් සාමාජික රටවල රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ව්‍යාපාර සමාගම් 40ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සඳහා පවතින ආර්ථික අවස්ථා පිළිබඳ වට මේස සාකච්ඡාවක් සඳහා ද සහභාගීවීමට ද නියමිතයි.

එසේම සමුද්‍රීය ජාතීන් සඳහා වන තුන්වන ආසියනු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයේ ප්‍රධාන දේශනය පැවැත්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ඇති.

ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු ඇමති, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51