ජනපති හෝර්ටන් තැන්නේ නිරීක්ෂණ චාරිකාවක

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ අද (15) පෙරවරුවේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවි දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි ප්‍රේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට සිතියම් ගත කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙසටයි නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ශණයට ලක්ව තිබෙන හෝර්ටන් තැන්න සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීම මගින් රටට ඉහළ විදේශ විනිමයක් උපයා ගත හැකි බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එම සියලු කටයුතු පරිසර හිතකාමී සහ තිරසර ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිළි කර තිබෙනවා.

වනෝද්‍යානය ආශ්‍රිත ගම්මානවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය තුළින් එම ජනතාවගේ ජීවිත නගා සිටුවීමට ද හැකියාව ලැබෙන බවයි කියාසිටියේ.

අනතුරුව උඩවේරිය වතු යාය හරහා වැටී තිබෙන මාර්ගය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.

  1. OKATH WIKUNE NATHINAM LOKA PUDUMAYAK, OKA WITHARAK NOWEYI SINHARAJAYA WATEN MA TIKA TIKA WIKUNANAYI. WILPATHTHU WALATATH EYI KALAMA THMAYI. PARAPURAK NATHI ONA EKEKUTA ANAGATHAYAK NAHE. EYI NISA INNA KALAYE BALAYA THIYENA KALAYE OKKOMA KABASINYA KARANNE THAMUNGE THANI AYITHIYATA THIYENA DEWAL KIYALA HITHAGENA. MEYA AYE ENNE NAHE KIYALA MEYATH DANNAWA, AYE AWILLA KARNNATH BAHE WAYASAYI KIYALA MEYATH DANNAWA. MEYAGEN PASSE KENEK HADALA NAHE, HADANNA IDA DENNETH NAHE. MARUNA DATA WENNE SAJITH UNP EKA GANNA EKA WITHARAYI.