ජනපති හා අගමැතිගෙන් විශේෂ නිවේදන දෙකක්

රුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව ලෝක ළමා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනපතිවරයා පවසනවා.

අදාළ නිවේදනය පහතින්.

උපුටා ගැනීම. වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම්පැතුම්වලට ළමා ලෝකයට ඇති සීමා බොහෝය. පාසල් පන්ති කාමරය, ක්‍රීඩා පිටිය තවමත් අපේ දරුවන්ට දුරස්ථය. දැයේ දරුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වී තිබේ.

අපගේ සමස්ත සැලසුම් ක්‍රියාත්මක වන්නේ දරුවන්ගේ ලෝකය වඩාත් ඉක්මණින් ඔවුන්ට සමීප කර දීමටය. තම දරුවන් විශිෂ්ටයන් ලෙස සමාජගත වන විට තෘප්තිමත් වන්නේ දෙමව්පියන් සහ භාරකරුවන් ම පමණක් නොවේ. එම සතුට සමස්ත මානව සමාජයම අත්විඳිනු ඇත.එ බඳු අත්දැකීම් ලෝකයේ ඕනෑ තරම් තිබේ. අනාගතයේ ද එ බඳු දෑ නිර්මාණය වීම නතර නොවේ. එ බැවින් වැඩිහිටියන් වශයෙන් අපි, ගුණ නැණින් යුතු දරු පරපුරක් රටට ලෝකයට දායාද කිරීමට නම් දරුවා දැනුම, ආකල්ප සහ කුසලතාවලින් පූර්ණත්වයට පත් කිරීමට අවශ්‍ය පසුබිමක් සලසා දිය යුතුමය. දෙමාපියන්ගේ සදාතනික සිතුවිල්ල වන “සියල්ලට පෙර දරුවන්” ය යන්න මෙවර ලෝක ළමා දින තේමාව බවට පත්ව තිබේ.

ප්‍රගතිශීලී රජයක් වශයෙන් සුරක්ෂිත පරිසරයක් තුළ ඔබේ දරුවාට අවශ්‍ය සේවා, පහසුකම් සහ අවස්ථා සලසා දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි යථාර්ථයක් බවට පත්කරමින් සිටින බව සිහිපත් කරමි. සමාජානුයෝජන ක්‍රියාවලියේ දී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළු කොට තැකිය නොහැකිය.

එ බැවින් ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඒ ජීවිතය යනු ආපසු හැරවිය නොහැක්කක් බැවිනි. මෙවර ද ලෝක ළමා දිනය අපගේ දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත් සියලුම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරමින් ඔබ සැමට සෞභාග්‍යවත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ

2021 සැප්තැම්බර් මස 30 වන දින.

රජයක් ලෙස අපි හැම විටම ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවී සිටින බව ලෝක ළමා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අදාළ නිවේදනය පහතින්.

උපුටා ගැනීම. ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකමකි. වැඩිහිටියන්ට එම යුතුකම මතක්කර දෙමින් සැමරෙන “ලෝක ළමා දින” සැමරුම වෙනුවෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි. ලොව ලස්සන වන්නේ දූ දරුවන්ගෙනි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ද අපි ඊට ප්‍රතිඥා දී ඇත්තෙමු. ඒ අනුව පසුගිය කාලය තුළ පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ හා ළමා මෙහෙකාර සේවය සමාජයෙන් ඈත් කිරීම සඳහා වූ අණ පනත් කිහිපයක් සංශෝධනය කිරීමට ලැබීම අප ලැබු ජයග්‍රහණයකි. කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව අන් රටවල මෙන්ම අපේ රටේ දරුවන්ගේ ළමා කාලය අතිශය සංකීර්ණ වී තිබේ.

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමා නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව සළසා තිබීම ප්‍රශංසනීය වේ. “සියල්ලට පෙර දරුවන්” තේමාවෙන් ශ්‍රී ලංකාව මෙවර අර්ථවත්ව සමරන ලෝක ළමා දින අභිමතාර්ථ සාර්ථක කර ගැනීම උදෙසා කැපවන්නැයි ඉල්ලා සිටිමි. අපි දරුවන්ගේ ලෝකය ලස්සන කරමු.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14