ජනපති හදිස්සියේ මිල්කෝ ආයතනයට යයි

නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාව අද (25) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

කර්මාන්ත ශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා ආයතනයේ නිෂ්පාදන, ඇසුරුම් හා බෙදාහැරීම් අංශවලට ගොස් එහි ක්‍රියාකරීත්වය පිළිබඳව වීමසා බැලීය.

1956 වර්ෂයේ දී ඇරඹී ජාතික කිරි මණ්ඩලය 1986දී මිල්කෝ බවට පත්කෙරිණ.

පළමු අදීයර යටතේ පැස්ටරීකරණය කරන ලද කිරි නිපදවීමට පමණක් සීමා වී තිබු එම ආයතනය මේ වන විට යෝගට්, අයිස්ක්‍රීම් හා කල්කිරි වැනි නිපැයුම් සිදුකරමින් නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කර තිබේ.

අඹේවෙල, දිගන, පොළොන්නරුව හා නාරාහේන්පිට පිහිටා ඇති කර්මාන්ත ශාලා 04ක 1,500කට ආසන්න කාර්යය මණ්ඩලයකින් යුත් එම ආයතනයේ දෛනික කිරි ධාරිතාවය ලීටර් 50,000කි.

තරගකාරි මිලක් යටතේ ගොවීන්ගෙන් දියර කිරි මිලිදී ගන්නා බවත්, ගොවීන්ගේ සුබසාධන කටයුතු සඳහා තමන් මැදිහත් වන බව ආයතනයේ පාලනාධිකාරිය ජනාධිපතිවරයාට පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !