ජනපති සමස්ත රට වැසියන්ගෙන් කල ඉල්ලීම

නිදහසට කරුණු නොකියන අතර එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක්වුව ද අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලෝකයේ හමුදාවන්, යුද්ධයට පමණක් නොව ජාතිය ගොඩනැගීමටත් කැප වී සිටින අතර මෙරට ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේ දී සහ එන්නත්කරණයේ දී සෞඛ්‍ය අංශවලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක්වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඒ සඳහා කළ කැපකිරීමට සියලු දෙනාට තම ස්තූතිය පළ කරන බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය අද (10) දිනට යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරුණා.

රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධාන කෙරුණු යුද හමුදා සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිවරයා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කළා.

අනතුරුව ඔහු උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණයට එක්වුණා.

ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළ නංවාලමින්, රාජකාරී බලතල නිසි අයුරින් පවරමින් පසුගිය දෙවසර තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කළ අතර යළිත් ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති නොවන ආකාරයෙන් රට ආරක්ෂා කරගැනීමට කැපවී සිටින බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

දූෂණයට, වංචාවට ඉඩ නොතබන අතර ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12