ජනපති ලබන සතියේ එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරයක

ලබන සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් පැවසුවා.

අද (13) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා මෙරට බාහිර ණය සම්බන්ධයෙන් පැරිස් සමාජයේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතයි.