ජනපති, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (27) පෙරවරුවේ පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙලෙස රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝරත්නය බැහැ දැක තිබෙනවා.

එම අවස්ථාවට එහි අනුනායක පූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය මහ ලේකම් අකරැල්ලේ ඥානවංස ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය මහ ලේකම් පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය අධිකරණ ලේකම් පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමීන් වහන්සේ, කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පූජ්‍ය සූරියවැව හේමාන්නද ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියා.

මෙහිදී උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කර තිබුණා.

එහිදී මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා රටේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය පිළිබඳ මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව ද මහා සංඝරත්නය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිතව මතුව ඇති ගැටළු, පූජා භූමිවලට අදාළ ඉඩම් ගැටළු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර, උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධනයට අදාළව එහි ද්‍රවිඩ මන්ත්‍රීවරුන් සමඟ කළ සාකච්ඡා පිළිබඳව ද ජනාධිපතිවරයා මහා නායක හිමිපාණන් වහන්සේ දැනුවත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11