spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල් සහ සිංගප්පූරු අගමැති අතර දිවිපාර්ශ්වීය සාකච්ඡාවක්

මේ වනවිට ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූං සමඟ දිවිපාර්ශ්වීය සාකච්ඡාවල නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

එහිදී සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළ කළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.

ජපාන හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (26) අලුයම ජපානය බලා පිටත්ව ගියා.

මෙම රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සඳහා ලෝකයේ රටවල් රැසක නායකයින් සහභාගී වී සිටිනවා.

මේ අතර ජනධිපතිවරයා සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?