spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල් – විපක්ෂ නායක සජිත් හමුව අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමඟි ජන සන්ධානය අතර සාකච්ඡාවක් අද (05) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද (05) පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සහ ඊට අදාළ යෝජනා පිළිබඳව එකඟත්වයකට පැමිණීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම් සමඟ ද ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක් පැවැත් වුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ බාධා කිරීමකින් තොරව සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂ සිය සහාය ලබාදිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?