දැනට රෝගාතුරුව පසුවන උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගොස් තිබෙනවා.
යාපනයේ පිහිටි විග්නේෂ්වරන්ගේ නිවසට ඊයේ (25) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ඔහුගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර, එහිදී ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියා.













