ජනපති රනිල් යළි දිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින 12ක කාලයක් තුළ නිරත වූ නිල විදේශ සංචාරය නිමා කරමින් අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ජනාධිපතිතුමා මෙම කාලය තුළ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුවට, උගන්ඩාවේ කම්පාලා නුවර පැවති 19 වන නොබැඳි ජාතීන්ගේ රාජ්‍යනායක සමුළුවට සහ දකුණු චීනය පිළිබඳ තුන් වැනි රාජ්‍ය නායක සමුළුවට ද සහභාගී වුණා.

ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉකුත් 12 වන දින මුලින්ම මෙම සංචාරය ආරම්භ කරමින් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා පිටත්ව ගියා.