spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල්ට රට ගොඩගැනීමට හැකි බව ලොව ප්‍රධානියෙක්ගෙන් සහතිකයක්

ශ්‍රි ලංකාව පත්ව ඇති අර්බුදයෙන් ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇති බව  ඊජිප්තු රජය විශ්වාසයෙන් පසු වන බව ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.සිය හෘදයාංගම සුබපැතුම් පිරි නමා ඇති අබ්දෙල් ෆටා අල් සිසි මහතා ශ්‍රී ලාංකික ජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂා ඉටු කිරීමට වික්‍රමසිංහ මහතා ගන්නා සෑම වෑයමක්ම සාර්ථක වේවායි ද ප්‍රාර්ථනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපතිවරයා දන්වා සිටියේ දෙරටේ පොදු අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට සහ දෙරටේ මිත්‍රශීලී ජනතාවට වඩාත් සමෘද්ධිමත් අනාගතයක් සහතික කිරීම සඳහා රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමා උනන්දුවෙන් පසුවන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?