ජනපති රනිල්ගෙන් තරුණයින්ට පොරොන්දුවක්

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී ඊයේ (24) සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින්.

මෙහිදී යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණා.

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න ද එක්ව සිටියා.

අනතුරුව ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ කුසලතා විදහා දැක්වෙන සංස්කෘතිය ප්‍රසංගය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්වුණා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“උතුරු පළාතේ භාවිතයට නොගත් ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බව අද මෙතැනදී සඳහන් වුණා. යාපනය පමණක් නොව ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල ද භාවිතයට නොගත් ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම ඉඩම් වගා කටයුතුවලට ද යොදාගෙන නැහැ. නමුත් ඈත අතීතයේ අපේ රටේ කෘෂිකර්මාන්තය අපනයන මට්ටමක පැවතුණා. අනුරාධපුර රජ දවසේ දී ශ්‍රී ලංකාව ධාන්‍යය අපනයනය කළා. ඉන් පසුව තේ, කෝපි, කුරුඳු, රබර් වැනි බෝග අපනයනය කළා. නමුත් මේ වන විට මෙම අපනයන කටයුතු අඩාල වී තිබෙනවා.
එම නිසා කෘෂිකර්මාන්තය නවීකරණය කර අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීමට කටයුතු කළ යුතුයි.තරුණ තරුණියන්ට ද කෘෂිකර්මයේ යෙදීමට අවස්ථාව ලබාදිය යුතුයි. රජය සහ පෞද්ගලික සමාගම් එක්ව සුහුරු කෘෂිකර්මාන්තය ගමට හඳුන්වාදීමට අප බලාපොරොත්තු වෙනවා. එමඟින් ශ්‍රී ලංකාවට ඩොලර් ඉපයීමට ඇති හැකියාව ඉතා ඉහළයි. පසුගිය සතියේ කෑගල්ල ප්‍රදේශයේ මා නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. එහිදී නවීන කෘෂිකර්මාන්තය භාවිත කරන ව්‍යවසායකයෙක් දැකගන්නට ලැබුණා. මේ වන විට රටට අවශ්‍ය වන්නේ එවැනි ව්‍යවසායකයන් බව කිව යුතුයි.
වර්ග අඩි 5000කින් ඉහළ ආදායමක් ලබාගැනීමට නවීන කෘෂිකර්මාන්තය මඟින් හැකියාව තිබෙනවා.හෙක්ටයාර් එකකින් මෙට්‍රික් ටොන් අටක පමණ වී අස්වැන්නක් නෙළා ගැනීමට හැකි නවීන කෘෂිකර්මාන්තයක් අද තිබෙනවා. එය භාවිතයට ගැනීම තුළින් අපනයන ආර්ථිකයක් මෙන්ම නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැකියි.
ඒ වගේම සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමටත් රජය අවධානය යොමු කර තිබෙනවා. තව ද පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර බලශක්තිය අපනයනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
කිලිනොච්චිය, මන්නාරම සහ යාපනය ප්‍රදේශවල සුළං විදුලිය උත්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. එම විදුලි බලය අප නිපදවන්නේ මෙගාවොට්වලින් නොව ගිගාවොට්වලින් බව පැවසිය යුතුයි. වැව් මත සූර්ය පැනල ස්ථාපනය කරමින් විදුලිය උත්පාදනය කිරීමටත් රජයේ අවධානය යොමුව තිබෙනවා.
පූනරීන් සහ ඉරණමඩු යන වැව් මේ සඳහා භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා. පුනර්ජනනීය බල ශක්තිය වැඩි වශයෙන් නිපදවීමට හැකියාව තිබෙන්නේ උතුරු පළාතටයි. එසේම මෙගාවොට් 700ක ධාරිතාවයකින් සමන්විත ආසියාවේ ලොකුම සූර්ය පැනල බැටරිය මෙම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අප කටයුතු කරනවා. එය ආරම්භයක් පමණයි. මේ සමඟ ආසියාවේ විශාලතම පුනර්ජනනීය බල ශක්තිය උත්පාදන මධ්‍යස්ථානය බවට උතුර පත් කළ හැකියි. බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරියට යාමේදී මීට වඩා විදුලි උත්පාදනයක් සිදු කළ යුතුයි. එනිසා ඉන්දියාවේ අදානි සමාගම සමඟ ද පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය සඳහා අප ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කර තිබෙනවා. කන්කසන්තුරය සිමෙන්ති සංස්ථා භූමිය කේන්ද්‍ර කරගෙන ආයෝජන කලාපයක් පිහිටුවීමට නියමිතයි. මාන්කුලම ප්‍රදේශයේ ද ආයෝජන කලාපයක් පිහිටුවීමට ද බලාපොරොත්තු වෙනවා. අපේ ධීවරයන් වෙනුවෙන් අපේ මුහුද ආරක්ෂා කර ගැනීමට අපට වගකීමක් තිබෙනවා. නවීන ධීවර ක්‍රම තුළින් ධීවර කර්මාන්තය ද දියුණු කරනවා.
පසුගිය වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමකට ලක්වුණා. එහිදී ජනතාව විශාල ලෙස දුක් පීඩාවට ලක්වුණා. වර්තමානය වන විට රට බංකොලොත්භාවයෙන් මිදෙමින් තිබෙනවා. රට බංකොලොත්භාවයෙන් ඉවත් වූවායින් පසුව රැකියා විරහිත තරුණ තරණියන් රැකියා ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් ආර්ථික පරිවර්තන නීති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. එමඟින් අපනයනය පදනම් කරගත් ආර්ථිකයකයට පරිවර්තනය වීමට අප බලාපොරොත්තු වෙනවා. වියට්නාමය, මැලේසියාව, තායිලන්තය වැනි අපනයනය පදනම් වූ ආර්ථිකයක් මෙරට ද ගොඩනැඟිය යුතුයි.
ඒ, වගේම ඔබේ ඉල්ලීම පරිදි ඉදිරි මාස දෙක තුළදී දකුණු ඉන්දීය කලාකරුවන් සමඟ විශාල ප්‍රසංගයක් යාපනයේ පැවැත්වීමට කටයුතු කරන ලෙස මා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට දැනුම් දුන්නා. බංකොලොත් ආර්ථික‍යෙන් රට මුදවාගෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට රජයක් හැටියට අප ඉදිරියටත් කටයුතු කරනවා.”

මෙහිදී තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිතුරු ලබා දුන්නා.

ප්‍රශ්නය –
ජනාධිපතිතුමනි, ලෝකයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් ලංකාවට පැමිණෙන බව සඳහන් වෙනවා. එයින් තරුණයන්ට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

පිළිතුර –
මම ඊලොන් මස්ක් සමඟ ගෝලීය “Starlink” ජාලය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීම පිළිබඳව සාකච්ඡා කළා. “Starlink” සමඟින් කොළඹින් පිටත Wi-Fi ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙනවා. ඒ වගේම ඔහු සමඟ අප රට සතු පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන්, සූර්ය බලශක්ති විභවය පිළිබඳව ද සාකච්ඡා කළා. අපේ රටට වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුට මෙරටට පැමිණෙන ලෙස මා ආරාධනා කළා. ඒ වගේම ”Starlink” ජාලය ගැන සොයා බලන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා. බොහෝ දුරට එහි වැඩකටයුතු අවසන් වී තිබෙනවා. ඉතිරිව ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අදහස් ලබාගෙන අනුමැතිය ලබා ගැනීම පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07